Services

The Body Donation Programme

The Faculty of Medicine obtains human cadavers for dissections and other research purposes through the body donation programme of the Department of Anatomy. We reproduce here the standard letter sent to all those who make inquiries about body donations. Further information could be obtained by contacting the department.


DONATION OF A BODY TO THE MEDICAL FACULTY FOR MEDICAL RESEARCH

 

 

Head, Department of Anatomy, Faculty of Medicine, 25, Kynsey Road, Colombo 08.

 

 

 

අධ්‍යයන කටයුතු සහ වෛද්‍ය පර්යේෂණ සඳහා වෛද්‍ය පීඨයට මෘත ශරීර පරිත්‍යාග කිරිම.

ඔබගේ ශරීරය මරණින් පසු අධ්‍යයන ක‍ටයුතු සහ වෛද්‍ය පර්යේෂණ  සඳහා භාරදීමට  ඔබ විසින් ගෙන ඇති තීරණය පිළිබඳව ස්තූතිවන්ත වෙමු. මෘත ශරීරයක් වෛද්‍ය පීඨය වෙත භාරදීම සඳහා භාරකරුවන්ගේ එකඟතාවයද අවශ්‍ය වන අතර ඔවුන් විසින් අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටිය පහත දක්වා ඇත.

  1. මෘත ශරීරය භාර දීම පිණිස දිනය සහ වේලාව වෛද්‍ය පීඨ කායව්‍යවච්ඡේද දෙපාර්තමේන්තුවට පැමිණ හෝ දුරකතනයෙන් අමතා [2696243, 2688748, 2688749 හෝ 2695300 (දිගුව 119/120)] නියම කරගත යුතුය. මෘත ශරීර භාරගනු ලබන්නේ සතියේ දිනවල (රජයේ නිවාඩු හැර) පෙ.ව.8.30 සිට ප.ව. 2.00 දක්වා පමණි. සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි දි මෘත ශරීර භාරගනු නොලබන බව කරුණාවෙන්  සලකන්න.
  2. මෘත ශරීරයක් භාරදීම‍ට පැමිණෙන තැනැත්තා අනිවාර්යයෙන්ම පහත සඳහන් ලිපි ලේඛණ කාර්යාලයට භාර දිය යුතු අතර එම ලිපි ලේඛණ කිසිදු හේතුවක් මත නැවත භාරකරුවන් හට ලබා නොදෙන බව ද කරුණාවෙන් සලකන්න.
    1. මරණ ලියාපදිංචි කිරිමේ ලේඛණයේ මුල් පිටපත හෝ මරණ දැන්වීමේ සහතිකය (41 (1) (අ) වගන්තිය) ද දේහය 
      • කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව අනිවාර්යයෙන් සදහන් කළ යුතුය.
      • මරණ ලියාපදිංචි කිරිමේ සහතිකය නොමැතිව කිසිදු හේතුවක් මත දේහය භාරගනු නොලැබේ.
    2. මෘත දේහයේ නීත්‍යානුකූල භාරකරු තමා බවට, දිවුරුම් පෙත්සමක් (සාම විනිසුරුවෙකු විසින් සහතික කළ යුතුය)(ආදර්ශ ලිපිය අමුණා ඇත)
    3. මෘත දේහය භාරදෙන තැනැත්තාගේ ජාතික හැදුනුම්පතේ ඡායාපිටපතක් (සාම විනිසුරුවෙකු විසින් සහතික කළ යුතුය)
  3. දේහය වෛද්‍ය විද්‍යාලයට රැගෙන ඒමට පෙර අවශ්‍ය ලිපි ලේඛණ නිවැරදිදැයි තහවුරු කර ගැනීම සඳහා භාරකරු අදාල ලිපි ලේඛණ රැගෙන කාර්යාලයට පැමිණිය යුතුය.
  4. මරණය සිදුවි පැය අටක් ඇතුළත දේහය භාර දෙනු ලබන්නේ නම් ස්වරක්ෂණය(එම්බාම්) කිරීම අවශ්‍ය නැත. ස්වරක්ෂණය කරන්නේ නම් එය කළ යුතුත්තේ ශරිරයේ වෙනත් කිසිම අවයවයක් කපා ‍ඉවත් නොකර, කලව පෙදෙසෙහි ඉහළ කොටසේ ඉදිරියෙන් පිහිටි ඌර්ව ධමනිය තුළින් ස්වරක්ෂ තරලය විදීමෙන් පමණි. දේහය වෛද්‍ය පීඨ අධ්‍යයන කටයුතු සඳහා පරිත්‍යාග කරන බව ස්වරකෂණය (එම්බාම්) කරන ආයතනයට දැන්විය යුතුය.
  5. තවද පහත සඳහන් තත්වයන්/ රෝග ඇති දේහයන් භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
    • පශ්චාත් මරණ පරික්ෂණයට බඳුන් කළ දේහ, සෙංගමාලය/එච්.අයි.වී. එඩ්ස් වැනි බෝවන රෝග වලින් පෙළුණු රෝගින්ගේ දේහ, මෑත කාලයේදි (වසර දෙකකට අඩු) “ඩිමෙන්ෂියාව” රෝග විනිශ්චය ලැබු අයගේ දේහ, ඇඳ වණ/ නහර ඉදිමුම්/ තුවාල හෝ මෑත කාලීන ශල්‍ය කර්ම නිසා ඇති වු විවෘත තුවාල ඇති දේහ, අධික සන්ධි විකෘතිතා හේතුවෙන් දේහය පැතලි පෘෂ්ඨියක තැබිමට නොහැකි වු විට, බද්ධ කිරිම් සඳහා සුදු ඉංගිරියාව හැර වෙනත් ඉන්ද්‍රියන් දන් දී ඇති අයගේ දේහ (අක්ෂිදාන සංගමයට ඇස් ප්‍රදානය කරනු ලැබු දේහයන් භාරගැනීමට බාධාවක්  නොමැත), විශාල ශල්‍ය කර්මයකට බඳුන් වු දේහ, අධික ස්ථුලතාවය/ කෘෂ දේහ හා ඇතැම් පිළිකා වර්ග වලින් පෙළෙන රෝගින්ගේ දේහ
  6. භාර දෙන ලද මෘත දේහය අධ්‍යයන කටයුතු සඳහා සුදුසු තත්වයක නැති නම් හෝ නරක් වෙමින් පවතින්නේ නම් එය ප්‍රතික්ෂේප කිරිමේ අයිතිය වෛද්‍ය පීඨය සතුව ඇති අතර. එවැනි අවස්ථාවකදී දේහය වෛද්‍ය පීඨයෙන් වහාම ඉවත් කර ගැනිමේ වගකීම මෘත දේහයේ භාරකරුවන්ට පැවරේ.
  7. මෘත දේහය ප්‍රවාහනය කිරිම සඳහා පහසුකම් පීඨය මගින් සපයා නොදෙන බව කරුණාවෙන් සලකන්න.
  8. මෘත දේහය භාරදීමෙන් පසුව  නැවත එයට බුහුමන් දැක්වීමට අවසර දීම හෝ දිගු කාලීනව මෘත දේහ තබාගැනීමට කටයුතු කිරිම හෝ දේහයේ කොටස් /කොටසක් යළි ආපසු ඔබගේ භාරකරුවන්ට ලබා දීම හෝ කළ නොහැකි බව කණගාටුවෙන් දන්වමි.
  9. පරිත්‍යාග කිරිම සඳහා මෘත දේහය රැගෙන ආ පෙට්ටිය, මෘත දේහය දෙපාර්තමේන්තුව වෙත භාරදුන් පසු දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් රැගෙන යායුතුය. මේ සඳහා අවමංගල්‍ය කටයුතු කිරීමට භාරදී ඇති ආයතනය සමඟ හෝ ඔබ කැමති ආයතනයක් (වැඩිහිටි නිවාස/ රෝහල්) සමඟ අවශ්‍ය කටයුතු සලසා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
  10. ඔබගේ මෙම සත් ක්‍රියාව සමාජ මෙහෙවරකි. මේ සඳහා ඔබට හෝ ඔබගේ පවුලේ සාමාජිකයන්ට වෛද්‍ය පීඨය විසින් කිසිදු ගෙවිමක් නොකරන අතර, ඔබ හෝ ඔබේ පවුලේ සමාජිකයින් විසින්ද කිසිදු ගෙවීමක් සිදු නොකළ යුතු බවද කරුණාවෙන් සලකන්න.

ඉහත කටයුතු සඳහා ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමු. 


අංශප්‍රධාන 
කායව්‍යවච්ජේද දෙපාර්තමේන්තුව
වෛද්‍ය පීඨය 
කොළඹ විශ්වවිද්‍යාලය

____________________________________________________________________________________________